Moana (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Moana (2016) චිත්‍රපටයේ කතාව (Plot) සරලව: මොආනා (Moana) කියන්නේ පොලිනීසියානු 'මොටුනුයි' (Motunui) කියන දූපතේ නායකයාගේ ධෛර්යවන්ත දියණියයි. පුංචි කාලේ ඉඳන්ම ඇයට මහා සාගරය එක්ක පුදුමාකාර බැඳීමක් තිබුණත්, දූපතේ ආරක්ෂාව ගැන හිතලා ඇගේ පියා ඇයට මුහුදට යන එක තහනම් කරනවා. අවුරුදු දහසකට කලින් 'මවුයි' (Maui) කියන අර්ධ-දෙවියා විසින් සොබාදහමට ජීවය දෙන 'ටෙ ෆිටී' (Te Fiti) දෙවඟනගේ මායාකාරී හදවත (Heart of Te Fiti) සොරාගත් නිසා ලෝකයට ලොකු ශාපයක් එකතු වෙනවා. කාලයක් යද්දී මේ ශාපය මොආනාගේ දූපතටත් බලපාන්න පටන් අරන්, ගස්වල ගෙඩි කුණු වෙලා, මුහුදේ මාළු අඩුවෙලා දූපත විනාශ වෙන්න පටන් ගන්නවා. තමන්ගේ ජනතාවයි දූපතයි බේරාගන්න නම් 'මවුයි' අර්ධ-දෙවියාව හොයාගෙන ගිහින්, එයා ලවා ආයෙමත් 'ටෙ ෆිටී' දෙවඟනගේ හදවත තිබුණු තැනම තබන්න ඕනේ කියලා මොආනාගේ ආච්චි ඇයට පවසනවා. සාගරයේත් ආශීර්වාදය ඇතිව මොආනා තනිවම බෝට්ටුවකින් අනතුරුදායක මහා සාගරයට පානඟනවා.මඟදී ඇයට කපටි, හැබැයි විනෝදකාමී 'මවුයි' හමුවෙනවා. දෙන්නා එකතු වෙලා මුහුදු හොරුන්, රන් ආභරණවලට ආසා කරන යෝධ කකුළුවෙක් (Tamatoa) සහ ගිනි කන්දක් වැනි භයානක 'ටෙ කා' (Te Kā) නමැති යක්ෂයා සමඟ සටන් කරමින් ලොකු අභියෝග රාශියකට මුහුණ දෙනවා.අවසානයේදී මොආනා තමන්ගේ ආත්ම විශ්වාසයත්, ධෛර්යයත් උපයෝගී කරගෙන, මවුයිගේත් සහයෙන් 'ටෙ ෆිටී' ගේ හදවත නැවත තම්පත් කරලා මුළු ලෝකයම සහ තමන්ගේ දූපත ශාපයෙන් බේරාගන්නවා.